Colombo Today Local News

බස් ගාස්තුද ඉහලට

දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බවයි පෞද්ගලික බස් රථ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.

“මීට කලින් ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් වැඩි කළා. එතනින් නතර නොවී ඊයේ නැවත වතාවක් ඩීසල් මිල රුපියල් 5කින් වැඩි කළා. මේ නිසා අනිවාර්යයෙන්ම බස් ගාස්තු වැඩි විය යුතුයි.”

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද “අපි අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරනවා. මේ වෙලාවේ අවම බස් ගාස්තුව රුපියල් 35ක් වත් වෙයි. බලෙන් හරි කරනවා.”

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසන්නේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බවයි.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති ඒ.එච්.රුවන් ප්‍රසාද් මහතා පැවසුවේ වැට් බලපෑම සහ ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති බවයි.

නමුත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසන්නේ ඉන්ධන මිල ඉහළ ගියද ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවය.

Related posts

අනවසර මාර්ගවලින් පැමිණි සරණාගතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි: නව ප්‍රතිපත්ති සකස් කිරීමට රජය සැරසේ

Admin

මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා – රදගුරු වින්සන් ප්‍රනාන්දු

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin