දිවයිනේ සෑම දිස්ත්රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැනට බස්නාහිර පළාතේ රාත්රී සේවා මුර ක්රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.
එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්රි කාලයේ මෙහෙයුම් ක්රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව තිබේ.
ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බව තැපැල් දෙපාර්තමේන්තුවසඳහන් කළේය.