හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දැඩි වෛරයකින් පසුවන බවත් එම වෛරය නිසා ඇය කරන ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමට අවශ්‍ය තල්ලුව ලැබෙන බවත් මහා මාර්ග අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එසේ වුවත් එතුමියගේ ප්‍රකාශ දැන් වලංගු නැති බවත්, ඒවා දැන් ‘එක්ස්ෆයර්’ වී ඇති බවත් ඇමතිවරයා පවසයි.
චන්ද්‍රිකා මැතිණිය සහ මහින්ද රාජපක්ෂ මහතා බිහි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැවින් ඔවුන් දෙදෙනාම පක්ෂයට කෘතඥ විය යුතු බවත්, පක්ෂය භේදබින්න නොවන ආකාරයට ඔවුන් දෙදෙනාම කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.