Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් අණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ඇත.

උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය,ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

චාල්ස් මහත්මිය එහිදි පවසා ඇත්තේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවය.

Related posts

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි. තවමත් සොයාගන්න බෑ…

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

colombotoday

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

colombotoday