Colombo Today Local News

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයෙකුව පිරිසක් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සැකකරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළා යන අවස්ථාවේ, ඒ අවට සිටි පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත.

අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Related posts

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

විල්බාව වැවට සිසුවියන් දෙදෙනෙකු බිලිවෙයි

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාවක් – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

colombotoday

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin