Colombo Today Local News

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත ව සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්වි අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මරිච්චිකට්ටි ප්‍රදේශයෙ පදිංචි ඒ. මොහොමඩ් නම් 55 හැවිරිදි පුද්ගලයෙකි.

වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.

මොවුන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි මද කිපි සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්ව ඇති බව වනජීවි නිළධාරීහු පවසති.

Related posts

ඔය රහත්වෙලා කියලා කියවන අයගෙ ඇඟට පොලඟෙක් දාලා බලන්නකෝ…. එතකොට රහත්ද කියලා බලාගන්න පුලුවන්…

colombotoday

සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

අපනයනය කෙරෙන ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යෝජනාවක්

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin