Colombo Today Local News

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් මහතා අද (09)දින නියෝග කර තිබේ.

මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කර ඇත.

කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” හිමියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

Related posts

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

රිෂාඩ් බදුර්දීන් සමගි ජන බල වේගය හැර යයි? සජිත් පිලේ ජේෂ්ඨයින් කලබලයට පත් වේ

colombotoday

රාජිත රිමාන්ඩ්

colombotoday

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

colombotoday

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවට

colombotoday