Colombo Today Local News

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව අද (05) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

තවද එම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව ද විමර්ශනයක් සිදුකිරීමටද කොටුව මහෙස්ත්‍රාත් අදිකරණයෙන් නියෝගයක් ලබා දී තිබේ.

හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව පැවසෙන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් පසුගිය දා මියගොස් සිටියදී සොයාගැණුනි.

21හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බව පොලීසිය පැවසීය.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයා ගැණුනි.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි “රුවන් ප්‍රසන්න ගුණරත්න” නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබිණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව සඳහන්ය.

Related posts

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

දැවැන්ත බස් වර්ජනයක්?

Admin

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday