යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවන බවයි වාර්තා වන්නේ.