World

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ ඉරානයේ බෝම්බ පිපිරීම්වලට ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඇමෙරිකාව මෙසේ පවසා ඇත්තේ බෝම්බ පිපිරීම් පසුපස ඉරානයේ ප්‍රධාන සතුරන් සිටිනවා යැයි ඉරාන රජය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

බෝම්බ ප්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඊශ්‍රායලය ඊට සම්බන්ධයි අප විශ්වාස කරන්නේ නැහැ. බෝම්බ ප්‍රහාරයට අපේ සම්බන්ධයක් තිබෙනවා යැයි සැක කිරීම විහිළුවක්.’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘ඉරානයේ සිදුවුණු බෝම්බ පිපිරීම් පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි ඉරානය සිතනවා නම් ඒක විහිළුවක්. ඒ වගේමයි ප්‍රහාරය පසුපස ඊශ්‍රායලය සිටිනවා යැයි අප විශ්වාස කරන්නේ නැහැ’ යැයි ධවල මන්දිර ජෝන් කර්බි මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

Related posts

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

colombotoday