වර්තමාන ආණ්ඩුව ණය ලබා ගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා එල්ල කරන බවත්, වර්තමාන ආණ්ඩුවට එලෙස ණය ලබා ගැනීමට සිදුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අධික පොලියට ලබාගත් ණය ගෙවා දැමීමට බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් රුපියල් බිලියන 9500කට ආසන්න ණය මුදල වර්තමාන ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ නිසා රුපියල කඩා වැටෙමින් තිබෙන බවත් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.