Colombo Today Local News

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී තිබේ.

ඒ සඳහා තවත් මිලියන 2000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මුදල් ලැබුණු වහා ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

දැනට ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කර ඇති මුදල රුපියල් මිලියන 5000කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගොවීන් 583,372 කට එම මුදල් නිකුත් කර ඇති බවයි.

එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ, ලක්ෂ දහයකට අධික මහ කන්නය වගා කළ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට රුපියල් බිලියන 11 ක් පමණ වැය වන බවයි.

මහ කන්නය ආරම්භ කර මේ වනවිට මාස එකහාමාරකට අධික වේ.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් සඳහන් කරන්නේ, පොහොර මිලදී ගැනීම සඳහා තමන්ට රජයෙන් මුදල් මෙතෙක් හිමි නොවූ බවයි.

Related posts

අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා – හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

Admin

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday