Colombo Today Local News

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

වැලිගම සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කර තිබේ.

මියගියේ 46 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මියගිය පොලිස් සැරයන්වරයාගේ දේහය ගලේවෙල ආදාගල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (01) පස්වරුවේ රැගෙන ගියේය.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අදාළ සැරයන්වරයා මියගියේ, පෙරේදා අලුයම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වැටලීමකට ගිය අවස්ථාවේදීයි.

ලද තොරතුරකට අනුව හරක් කටා නැමැති අපරාධකරුවාට සම්බන්ධ කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේ ඒ ආසන්නයේ රැඳී සිටි පිරිසක් අපරාධ කොට්ඨාස නිලධාරීන් දෙසට වෙඩි තබා තිබේ.

දෙපිරිස අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ වැලිගම පොලීසියේ ජංගම රථය ද අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එහි පැමිණි පිරිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ වෑන් රථය දෙසට වෙඩි තබා ඇත.

එම වෙඩි තැබීමේදී අදාළ සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Related posts

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

“මම හදන්නේ පිවිතුරු බුද්ධාගම රැකගැන්නයි.. චීවරධාරීන් මට බණිනවා” – රන්ජන් (Video)

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු වෙලේ සුදාට ලැබුණු හැටි හෙළි වේ

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday