Colombo Today Local News

“මම තමා සුදුසුම” – විග්නේෂ්වරනුත් ජනපති සටනට

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය.

පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද ඔහු කීය.

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

Related posts

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday