Colombo Today Local News

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන “කොළොන්නාවේ චතු” නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

වෙඩි තැබීමට යොදා ගත් විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවිය සහ ජීව උන්ඩ හතරක් කොලොන්නාවේ සාලමුල්ල මහජන ක්‍රීඩාංගනය අසල කැලෑවක සඟවා තිබීයදි සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන තිබේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාල යතුරුපැදිය පැදවූ පුද්ගලයා මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

අදත් විදුලිය නෑ..!!

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin