Colombo Today Local News

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සහ නගර සැලසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කෙරිණි.

ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල යටිතල පහසුකම්, පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විසල් මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.

Related posts

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

colombotoday

කොරෝනා සුව වූ චීන කත ලාංකාවට ස්තූති කරයි… ලාංකිකයන්ගෙන් සමාව අයදී !

colombotoday

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin