Colombo Today Local News

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට වෙනත් කර්මාන්තශාලාවලට අලෙවි කළ බව කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

ඊට අදාළ නඩුව ඊයේ (14)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙදී කැඳවූ අවස්ථාවේදි එම නියෝගය ලබා දී ඇත.

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් ආනයනය කළ පොහොර තොග, අවභාවිත කර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සමාගම් කිහිපයකට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබුණි.

ඒ අනුව, අදාළ නීති කෘත්‍ය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වු විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කර ගත් බවය.

ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බවද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 07ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවය.

එමෙන්ම එක් සමාගමක් වංචනිකව රුපියල් කෝටි 10ක් පමණ මුදල් අවභාවිත කර ඇති බවට අනාවරණ වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සමාගම් හතක බැංකු වාර්තා කැඳවීමට නියෝග කර තිබේ.

Related posts

සමහර අධිවේගී මාර්ගවල වියදම සිතා ගැනීමට නොහැකි තරම් වැඩි

colombotoday

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin