Colombo Today Local News

හොරු ඔක්කොම දැන් දේවාලවල.. දෙවියන්ටත් ඇඩ්‍රස් නෑ

Samantha vidyarathna 3

‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහ ඇමැතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යනුකූලව හෝ පළාත් සභාවේ නීතිරීති අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මුදල් විෂය බාර ඇමැති ලෙස අත්තනෝමතිකව කටයුතු කරමින් ගිණුම් දෙකක් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා ඉවත් කරගැනීමෙන් පළාත් සභාවට රුපියල් ලක්ෂ 103 ක මූල්‍යමය පාඩුවක් වන බවට බැංකුව පළාත් සභාවට ලිඛිතව දැනුම් දී තිබියදී තමයි මේ ගිණුම් ඉවත් කරගෙන තියෙන්නේ. මේ වන විට මහ ඇමැතිවරයාට එරෙහිව චෝදනා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා ඔහු මහ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපි වැරදිනම් අපිට විරුද්ධව නීතිමය පියවර ගන්න තිබුණා.

දැන් ඔක්කොම හොරු ටික දේවාල ගානේ යන්න පටන් අරගෙන. මේ හොරු ඔක්කොම දේවාලවලට යන නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ. පසුගිය කාලයේ අපේ රටේ ජනතාවට වගේම මේ දේවාලවලටත් දෙවියන්ටත් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. ඒ නිසා දේවාල ගානේ ගිහින් මිරිස් අඹරලා ඵලක් නැහැ. මම මහ ඇමැතිවරයාට අභියෝග කරනවා ඕනෑම රූපවාහිනී ආයතනයක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. සියලු චෝදනා ලිඛිත සාක්කි ඇතිව ඔප්පු කරන්න මම සූදානම්‘ යැයිද විද්‍යාරත්න මහතා කීවේය.

Related posts

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

උතුරු කොරියාවට එරෙහිව ලංකාව දැඩි තීරණයක් ගනී.. රජයෙන් නිවේදනයක් !

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday