World

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිපති බෝලා ටිනුබු පවසයි.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් යැයි වරදවා, නයිජීරියානු හමුදාව, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි සිවිල් වැසියන්ටය. මියගිය පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

‘එය වැරදීමක්. සමාව දෙන්න බැරි විදියේ වැරදීමක්. එය හරිම වේදනාවක්’ යැයි ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. එම ‘වැරදීම’ සිදුවන්න ඇත්තේ කෙසේදැයි යන්න සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සති අන්තයේ සිදුවුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද පැවැසෙයි. රෝහල්ගත කළ එම තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම නොකඩවා සිදුවෙයි.

Related posts

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ට්‍රම්ප්ගේ මතභේදාත්මක ප්‍රකාශ ඉවත් නොකිරිමට එරෙහිව වැඩ වර්ජනය කල ෆේස්බුක් සේවකයින්

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

තායිවානයේ භූ කම්පන වැලක්

Admin