එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීමර මහතා ඊයේ දිනයේදී ගාල්ල බද්දේගම නගර ශාලාවේදී පැවති ශ්‍රීලනිප හමුවකට සහභාගී විය. එහදී මහ ලේකම්වරයාට එකදු වචනයක් කතා කිරීමට ඉඩ නොදුන් පාක්ෂිකයන් හූ කියමින් මහලේකම්වරයා එම ස්ථානයෙන් පිටව යන තුරු විරෝධය දැක්වීය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප පාක්ෂිකයන් කියා සිටියේ එජාපය සමග දීග කන තුරු ශ්රීලනිපය ගොඩ ගත නොහැකි බවයි. ශ්රීලනිපය ගොඩ ගැනීමට අවශ්‍යනම් ඇමතිකම් ඇතැහර විපක්ෂයට එන්නැයිද ඔවුහූ කීහ.