එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසික් කැදවා තිබුණු මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
පැමිණ සිටි මහනුවර දිස්ත්‍රික් ශ්‍රීලනිප නියෝජිතයන් මහලේකම්වරයාගේ අදහස් දැක්වීම්වලට මෙන්ම එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ සහභාගීවීමට දැඩිව විරෝධය පෑවේය.
සාකච්ඡාව ඇමතූ හිටපු අගමැති දිමු ජයරත්න ශ්රීලනිපය දෙකඩ වන්නට කටයුතු නොකරන්නැයි කදුළු සලමින් එහිදී ඉල්ලා සිටියේය.