Colombo Today Local News

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරන්නේ, ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත්කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව, නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇත.

Related posts

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday