Colombo Today Local News

පෞද්ගලික ආරවුලකට පියා ගේ මෝටර් රථය පුතා හප්පයි

බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් ඊයේ(15) අලුයම කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

ව්‍යාපාරිකයකු වන එම පියා, ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අලුයම් කාලයේ සොයා බැලීමක් සඳහා බේරුවල ධීවර වරායට යන අතරතුර, බේරුවල දෙස සිට පැමිණි ඔහු ගේ පුත්‍රයා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහු ගේ පියා ගේ බව හඳුනාගෙන ඇත.

පසු ව ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා හානි සිදු කර තිබේ.

පුත්‍රයා පැමිණි වෑන් රථයට ද හානි සිදු ව ඇති නමුත් අනතුරෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වැන් රථය මේ වන විට බේරුවල පොලීසිය භාරයේ පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Related posts

මොරගහකන්ද, සිහිනය සැබෑ කළ හැටි ජනපති කියයි (Video)

colombotoday

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

colombotoday

සිංහරාජය දින නියමයකින් තොරව වසා දමයි

colombotoday

බදියුදීන් සොයනවා වගේ රවී – රාජිතත් සෙවුවා.. මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි

colombotoday

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

දිව්‍යලෝකයට යන්න සිටි 30ක් හඳුනාගනී… භික්ෂුන් කිහිප දෙනෙකුත් ඒ අතර

Admin