Colombo Today Local News

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළාය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම හේතුවෙන් Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බවයි.

Related posts

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

ජනපති තනියෙන් දුම්රියක ‘හිටං’ ගිය හැටි

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin