Colombo Today Local News

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවි කළ කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා කමිටුවක් පත් කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදිප් යසරත්න මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි.

අදාළ වාර්තාව සතියක් ඇතුළත ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ, අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි.

සිද්ධියෙන් තුවාල ලැබු දරුවන් 05 දෙනෙකු මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රථිකාර ලබයි.

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට ජලය ලබා ගැනීම සඳහා ජල කරාම සවි කළ බැම්ම ඉදි කර තිබුණේ කොන්ක්‍රීට්වලින් සකස් කළ සින්ක් එකක් සහිතවයි.

පාසලේ පළමු ශ්‍රේණි ගොඩනැගිල්ල ඉදිරිපිට එය ඉදි කර තිබුණු අතර පාසල් විවේක කාලයේ ඒ අසලට පැමිණි දරු දැරියන් පිරිසක් මතට එය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.

Related posts

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday