World

“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි

අයිසිස්‌ සංවිධානයට එරෙහිව සටන් වදින සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව එම සංවිධානය ඊයේ අරාබි හා ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බවත් එවිට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඉස්‌ලාමික රාජ්‍ය සංවිධානය කියයි.

බ්‍රසල්ස්‌ ප්‍රහාර පිළිබඳව සිය සතුට පළ කරමින් අයිසිස්‌ සාමාජිකයන් ඊයේ (23දා) සිරියාවේ තම පාලන ප්‍රදේශවල කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දී ඇත.පෙරේදා (22 දා) පෙරවරුවේ බ්‍රසල්ස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන්a පුද්ගලයන් 34 ක්‌ මියගොස්‌ තවත් 250 ක්‌ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරය නිසා මියගිය අය සිහිකරමින් බෙල්ජියම දින තුනක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

අඟහරුවාදා ප්‍රහාරයට දින හතරකට පෙර පැරිස්‌ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන අබ්දෙසලාම් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ මෙම අයිසිස්‌ සාමාජිකයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් සකස්‌ කරමින් සිටි බවට ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැරිස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 130 ක්‌ මරණයට පත් වූහ.

චතුර පමුණව

Related posts

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday