Colombo Today Local News

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

දිඹුලාගල කඳු මුදුනෙන් අනුරාධපුර මුල් භාගයට අයත් විශාල සෙල්ලිපියක් හමුවී තිබේ.

අදාළ සෙල්ලිපිය සොයා ගෙන ඇත්තේ ප්‍රදේශවාසියෙකු පුරා විද්‍යා නිලධාරියෙකුට දුන් තොරතුරු මතයි.

අඩි 45ක් දිග අඩි 15ක් උස මෙම සෙල්ලිපිය මෙතෙක් මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය ලෙස සැලකෙයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුනේ කිලෝ මිටර් තුනහමාරක් පමණ දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගිය පසු එය හමුවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගල් දෙකක කැපුම් තල දෙකක් මත නෙලා ඇති මෙම සෙල් ලිපිය පර්වත ලිපි ගණයට අයත් ය.

එහි නෙලා ඇති අක්ෂර පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් ය.

මේ වනවිට පුරා විද්‍යා සංරක්ෂණ නිලධාරින් පිරිසක් විසින් එහි අකුරු පාදා ගැනීමේ කටයුතු සිදුකරන අතර ඉදිරි දින කිහිපයේදි එය පිටපත් කර කියවීම ආරම්භ කිරිමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙතෙක් මෙරට දිගම සෙල් ලිපිය ලෙස සැලකුණේ, නිශ්ශංකමල්ල රජු විසින් කළ ගල් පොත ශාලා ලේඛනයයි.

එහි දිග අඩි 27 යි අගල් 10 ක් වන අතර පළල අඩි 4 යි අඟල් 06 කි.

Related posts

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

පාප් තුමා කොළඹ තෙවැනි සහායක රදගුරු ලෙස ඇන්ටන් රංජිත් පිල්ලනායගම් පියතුමා පත් කරයි.

colombotoday

රුසියා ජනපති පූටින්ගෙන් ශ්‍රී ලංකා ජනපති ගෝඨාභයට සුබ පැතුම් !

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday