World

පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයි

උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

පැය 4ක් පහර නොදීමට එකඟ වුවත්, තමන් කිසිදු අවස්ථාවක, හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරයේ’ දරුණු ගැටුම් පවතී. ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ රෝහල් දෙකකට පහර දෙමින් සිටින බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මෙම රෝහල්වල සැඟවී සිටින බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

Related posts

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday