Colombo Today Local News

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2ක මුදලක් එහි ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශවයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශ ආයතන සමඟ කටයුතු කිරීම නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ගිණුම් පවත්වාගෙන යන බවත් එය එසේ වුවද එහි දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් වලින් මුදල් ගෙවීම් කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිණුම්වලින් මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් කරන කටයුත්තක් බවත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් කිසිදු හේතුවක් මත මුදල් ලබා ගැනීමේ උත්සාහයක් නොකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

colombotoday