Colombo Today Local News

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කරන්නේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (07)දින පැවති සාකච්ඡාවකදී අස්වැසුම සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් එකග වූ බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ, අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමට එහිදී එකඟ වූ බවයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබ ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

colombotoday

රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි – ජනපති UNඑකට දන්වයි

colombotoday

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin