Colombo Today Local News

ලොරියක් වටවල දී ප්‍රපාතයකට පෙරළෙයි

එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් වටවල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී අනතුරක් සිදුව තිබේ.

එම අනතුර අද (07) උදැසන 6ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේ දී සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරිය තුළ තිදෙනෙකු ගමන් කර ඇති අතර, ලොරියේ සහායකයා බරපතළ තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.

අනතුරින් ලොරියට දැඩි හානි සිදුව ඇති අතර වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

colombotoday