ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කරයි.