රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.
රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.
අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.