Colombo Today Local News

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව, ජා-ඇළ – කොටුව, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද(01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසයි.

ගම්පහ අංක – 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට එරෙහිව මෙම වර්ජනය අරඹා තිබේ.

මෙම නිලධාරීවරයා ස්ථිර සහ අතුරු ගමන් වාර ලබා දීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම, දිස්ත්‍රික්කය තුළ ධාවනය සදහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත්, නව බස් රථ සදහා ටෙන්ඩර් කැදවා තිබීම, ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම් වලට එරෙහිව මෙම බස් රථ වර්ජනය ආරම්භ කර තිබේ.

Related posts

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday

සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සමට කරුණු කියන්න නීතිපතිට නොතීසි

colombotoday