අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් බවට තහවුරු කළ හැකි කරුණු රාශියක් පවතින බව කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් කියා සිටියහ.
මේ නිසා ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්නැයිද උන් වහන්සේලා ඉල්ලා සිටියහ.
රෝගාතුරව සිටි එහිමියන් බැහැ දැකීමට තමන් ගිය අවස්ථාවේදී ‘ආනන්ද හාමුදුරුවනේ අපට වැරදුනා. අපි රැවටුණා’ කී බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී කියා සිටියහ.