Colombo Today Local News

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

අයගම ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් ඊයේ (29) රාත්‍රී කාලයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් තුවාලකාරිය අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වන ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

Admin

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

කෙරවළපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකාවට විකුණලා – අනුර කුමාර

colombotoday