Colombo Today Local News

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතය තුළ තිබී පුද්ගල මෘත ශරීරයක අස්ථි කොටස් හමුවී තිබේ.

ඊයේ (26) දහවල් කාලයේදී පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව එම අස්ථි කොටස් සොයාගෙන ඇත.

මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රධාන මාර්ගයේ මීටර් 150ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති අතර එලෙස හමුවූ අස්ථි කොටස් මීට මාස කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට පොලීසිය සැක කරයි.

එම අස්ථි කොටස් හිමි පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධව හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් කැඳවා ස්ථානිය පරීක්ෂාවක් සිදුකර ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Admin

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday