Colombo Today Local News

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Related posts

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

colombotoday

උතුරේ දෙමළ ජනතාවගේ වීරයා, කර්නල් රත්නප්‍රිය ජිනීවා සැසියට… ඩයස්පොරා කොටින් අන්දමන්ද වෙයි…

colombotoday