Colombo Today Local News

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නම් සඳහන්වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් සහ සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව හමුවට ලබන 6 වැනිදා උදෑසන 10.00ට කැඳවීමට එම කමිටුව අද (25)දින තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25)දින නැරඹූහ.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායකවරයා විසින් පත් කෙරුණු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ප්‍රථම වතාවට රැස්විය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක යන මහත්වරු කටයුතු කරති.

මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඇතුළත් කිරීමට ඊයේ තීරණය කෙරිණ. එම මන්ත්‍රීවරියන් දෙදෙනා කවුදැයි නම් කරන ලෙස කමිටු ආණ්ඩු පක්ෂයට සහ විරුද්ධ පක්ෂයට දැනුම් දුන්නේය.

ලබන 06 වැනිදා කමිටුව රැස්වී විමර්ශන පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුව ඒ දැඩි අවධානය යොමුවී ඇති බවත් මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් හෙයින් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට කමිටුව තීරණය කළේ යැයිද නියෝජ්‍ය කතානායකවරයා කීය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාද සහභාගී විය.

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday

මහජන ආරක්ෂක ඇමතිට අභියෝගයක්! නඩුව උසාවියෙන් විසි වෙයි

Admin

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday

රාජාංගනයේ කොවිඩ් ආසාදිතයා ඇසුරු කල දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීමට දන්වයි..

colombotoday