Colombo Today Local News

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ වන අලින් 400ක් පමණ මියගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 200ක් පමණ මිය ගොස් ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

වෙඩි තැබීම් සහ රිය අනතුරුවලින් වන අලින් බොහෝ දෙනෙකු මියගොස් තිබේ.

විවිධ රෝගවලට ගොදුරු වීමෙන් ද වනඅලි මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට අලි ගහනය 6000ක් පමණ සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාස භූමි අහිමිවීම මත වන අලින් ගම්වැදිම් බහුල වී ඇතැයි චන්දන සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාර වෙයි…

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin