Colombo Today Local News

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

ව්‍යාජ අත්සන් සහ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව අපරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20)දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ පරික්ෂාවට ලක් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව වාර්තා වේ.

පැය 2ට අධික කාලයක් පුරා ඔවුන් එම පරිශ්‍රයේ රැදී සිටි බවද වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබු අතර, මෙම වංචා සිද්ධියට වගකිවයුතු පිරිස ලබන 16 වැනි දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මය නියෝග කළාය.

Related posts

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday

මිලියන 73 ක ගිණුම් සමඟ ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday