Colombo Today Local News

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

රාජගිරිය ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුළී නිවසක සිට නීති විරෝධී ත්පැන් පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් වශයෙන් සේවය කරමින් සිටින පුද්ගලයන් බවත් වයස අවුරුදු 46 හා 41යන වයස්වල පසුවන්නන් බව වැලිකඩ පොලිසිය පවසයි.

මොවුන් නිවසේ මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඊයේ (19) මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් 250 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 100ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් මේවා මෙරට වෙසෙන චීන ජාතිකයන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday