Colombo Today Local News

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන මාර්ගය කොන්කෝඩියා වතු ප්‍රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18)දින සිට සම්පුර්ණයෙන් නවතා දමා ඇතැයි කඳපොල පොලීසිය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ විශාල කොටසක් නායයාමකට ලක්ව පවතින බවත්, එම මාර්ගය භාවිතා කරනු ලබන පිරිස් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා රථ වාහන රියදුරන්ගෙන් හා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin