Colombo Today Local News

මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයි

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කර ඇත.

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා චේතනාන්විතව වැරදි කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසටද දැනුම් දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණයවූයේ එම රැස්වීමේදීය.

Related posts

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

colombotoday

රනිල්ට නොතීසි

colombotoday

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday