ඉදිරි වසර දෙක තුළ දී සූර්ය බලයෙන් මෙගා වොට් 3,000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1,000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව 70%ක පුනර්ජනනීය විදුලි බල සැපයීමේ ඉලක්කයට යා හැකිවනු ඇති බවයි ඔහු කීය.
විදුලි බිල අඩු කිරීමට සහ විදුලි බලය නිපදවීමට යන වියදම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.