Colombo Today Local News

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම අගෝස්තු මාසයේදී වාර්තා කර තිබේ.

ඒ අනුව, අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1119ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

කෙසේවෙතත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් බව සඳහන්.

අඛණ්ඩව විදේශීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික භාණ්ඩ අපනයන ආදායමෙහි පහළ යාම අපනයන ආදායම අඩු වීමට හේතු වී තිබේ.

එමෙන්ම 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8,010ක් ලෙස වාර්තා වී ඇත.

එය 2022 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 10.1%ක අඩුවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Related posts

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday

පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර නෑ !

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කොළඹ ප්‍රහාරයකට සූදානම්.. ඇමරිකාව රජයට අනතුරු අගවයි !

colombotoday

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday