Colombo Today Local News

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එයට අමතරව මාරගගත ක්‍රමය (ඔන් ලයින්) ඔස්සේද වාහන ආදායම් බලපත්‍ර ගැනිම 2023.09.24 දින මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දිනමධ්‍යම රාත්‍රි 12 දක්වා අත් හිටුවා ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරිම නිසා වාහන හිමියන් අපහසුතාවයට පත්විම වැළැක්විමේ අරමුණින් 2023.09.27 වනදින සිට 2023.10.06 දක්වා කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාලව දඩ මුදල් අය නොකරණ බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්වේ.

Related posts

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

colombotoday

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday