Colombo Today Local News

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉන්දීය අධිකරණයද මගහරිමින් සිට ඇත.

මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් ඉතා රහසිගත ලෙස කටයුතු කර ඇති බවද එහි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ කාලීනව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඉන්දියාවට බාරදී තිබේ.

මොහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා ඉන්දියාවේදී සිදුකළ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව සහ ඔහු සම්බන්ධ ත්‍රස්ත ජාලයන් හඳුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමග ඒකාබද්ධ වෙමින් ඉහළ මට්ටමේ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව අදාළ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday