Colombo Today Local News

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(21)දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කළේය.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 10.00 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය ඇමතුවේ ය.

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Related posts

කොළඹ 13 ජින්තුපිටියේ ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

colombotoday

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

colombotoday

දෙවන පාසල් වාරය අදින් අවසන්

Admin

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

colombotoday