Colombo Today Sports News

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇත.

Related posts

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday